සීනු නාදයක් ද බෙර හඬක් ද සංකලනය වූ අසා නුපුරුදු සංගීතයක් කඳුකරය දෙසින් පහළට ගලා එතැයි ඔවුහු පවසති. එම නාදය මුහුදු වෙරළතීරයේ දිගට ම ඇදී යතැයි ඔවුන්ගේ විශ්වාසයයි. එම හඬ නැඟෙන්නේ තාවෝ භික්ෂු භික්ෂුනීන් සිය රහසිගත පුද පූජා පවත්වන නිශා යාමයේ දීය. අඳුරේ කෙළවරින් ඔබට ඇසෙන්නේ සංගීත රාවයකි. මිදී ඝනීභවනය වූ සංගීතය ක්‍රමයෙන් උච්ච වී නැගේ. උතුරා බුබුළු දමන දිලිසෙන පලිඟු අංශු මෙන් සංගීත නාදය ඔබේ සිරුර වෙලා ගන්නේය. තවත් බහුවිධ හඬ සන්නිපාතයක් සමඟ ඒකාග්රව මිශ්‍රිත වී විදාරණය වන සංධවනිය මහා නදී ජල ප්‍රවාහයක් සේ පෙනී නොපෙනී පෙනී පෙනී නොපෙනී යන්නේය. හාත්පස පැතිර ඇත්තේ නිහැඩියාවය. ශාන්ත සන්සුන් නිහඬ බව මැද නොනැවතී හිම පතනය වේ. අවට වෙළා ගත් පූර්ණ සන්සුන් නිහැඬියාව මා තුළ දල්වන්නේ විශ්මයකි. දෙව්ලොව ද මෙවැනිම ශාන්ත සන්සුන් තැනක් විය යුතුය.
Adhyathmaye Shikaraya - ආධ්‍යාත්මයේ ශිඛරය
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Manik Kuruppu - මැණික් කුරුප්පු
- ISBN: 9786245717675
- Availability: Available
-
Rs. 2,000.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hudakalawe Baibalaya - හුදකලාවේ බයිබලය
"අහා.. ඔබ විප්ලවයට සමුදුන්නේය! හඬා දෙඩීම ඔබට සහනය සලසයි නම් ඔබ හඬා දෙඩිය යුතුය. ඔබ කිසිවක් අහිමි වීම..
Rs. 1,800.00


